වන ජීවී
ඡායාරූපකරණය හුදෙක් සල්ලිකාරයන්ගේ විනෝදාංශයක්ව පැවති වකවානුවක් තිබුනි. ඩිජිටල් තාක්ෂනය බිහිවීමට කලින් ස්ලයිඩ් හෝ ෆිල්ම් භාවිතයෙන් කරනු ලැබූ ඡායාරූපකරණය අතිශය මිල වැය වන විනෝදාංශයක් විය. කාලයත් සමඟ ඩිජිටල් තාක්ෂනය මෙලොවට බිහිවීමත් සමගමේ තත්වය කෙමෙන් වෙනස් වී බොහෝ දෙනා ඡායාරූපකරණයට අවතීර්න වීමට පටන් ගෙන ඇත්තේ එදා තරම් මුදලක් අද වැය කල යුතු නැති නිසාමය. එහෙත් කනගාටුවට කාරණය නම් දැන් හතු පිපෙන්නාක් මෙන් ඡායාරූපශිල්පීන් යැයි කියන කැමරා කාරයින් බිහිවීමයි. දන්න ඉලවුවක් නැති වුනත් ෆොටෝ ගැසිය හැකි නිසා ඔවුන් පොරවල් යයි සිතාගෙන සිටී. එහෙත් ඒ සියල්ලම කරන්නේ කැමරාවය. බොත්තම ඔබනවාට වඩා යමක් බොහෝ දෙනා දන්නේ නැත. මාසයක් දෙකක් ෆොටෝ ගැසුවාට පසු ඔවුන් මහා ආචාර්යවරුන් සේය. ඡායාරූප ශිල්පියේ හිනි පෙත්තටම ආ සහ, ඡායාරූපකරණය නගා සිටුවීමට දර දිය ඇදපු අයට වඩා දෙයක් කල සේ කතාවය. මේ සියල්ල අතර අවංකවම ඡායාරූපශිල්පය හැදෑරීමේ ආසාවෙන් පෙලෙන පිරිසක්ද වේ. මේ භූමිකාව ඒ අවංක උන් උදෙසාය.
වන ජීවී ඡායාරූපකරණයට පෙර සූදානම් වන්නේ කෙසේද....
වනජීවී ඡායාරූපකරණය අන් ඡායාරූපකරනයන්ට වඩා වෙහෙස මහන්සි වී කල යුතු වූවකි.
එයට පෙර සූදානමක් සහ මනා හික්මීමක් තිබිය යුතුය. පරිසරය හා පාරිසරික
වෙනස්කම් ගැන මනා වැටහීමක් ලබා ගත යුතුය. වන ජීවීන් හා උන්ගේ හැසිරීම් රටා
අධ්‍යනය කල යුතුය. විවිද පාරිසරික තත්ව යටතේ ඊට ආවේනික ලෙස වන ජීවීන්
හැසිරෙති. උන්ගේ වාස භූමි ඒ අනුව තෝරා ගනිති. යාල වනෝද්‍යානයේ සිටින
තරමක් දිවියන් අපිට සිංහරාජයෙන් වාර්තා නොවේ. දිවියන් ඡායාරූපයට නැගීමට
නම් යා යුතු වඩාත්ම සුදුසු තැන වන්නේ යාලය. ලංකාවේ විශාලම වනෝද්‍යානය
විල්පත්තුය. එහෙත් පසුගිය කාලයේ පැවති දරුණු යුද්ධයත් සමග මෙහි සිටි බොහෝ
වන ජීවීන් විල්පත්තුව මගහැර සිටියේය. මේ හේතුව නිසා විල්පත්තුවට වඩා යාල
දිවි ගහනය වැඩිය. සංඛ්‍යා ලේඛන අනුව යාල එක් වර්ග කිලෝමීටරයකට එක දිවියෙක්
දැක ගත හැකිය. මේ ආකාරයට විවධ වන සතුන්ට විශේෂ වූ වාස භූමි උන් තමන්ගේ
නිජබිම් කරගෙන වාසය කරයි. අලින්ගේ ඡායාරූප ගැනීමට යාල යාමට වඩා උඩවලවට යාම
වටී. ඊට හේතුව යාලට වඩා අලි ගහනය උඩවලව වනෝද්‍යානයේ වැඩිවීමයි.
මින්නේරියද අලින්ගේ එකතු වීම් වලට ප්‍රසිද්ධය. මීට පාරිසරික හේතු බලපායි.
අගෝස්තු හා සැප්තැම්බර් යන මාස වල කුඩා වැවු වල ජලය හිඳී යන අතර බොහෝවිට
වතුර ඉතුරු වන්නේ මින්නේරිය ජලාශය පමනි. මේ හේතුවෙන් අනෙක් වනෝද්‍යාන වල
වාසය කරන අලින් මින්නේරිය ජලාශ වටා එකතුවේ. මෙකී පාරිසරික තත්ව ගැන
අවබෝධයෙන් සිටීම වනජීවී ඡායාරූප ශිල්පියෙකුට ඉතා වැදගත් වේ.