වන ජීවී
ඡායාරූපකරණය හුදෙක් සල්ලිකාරයන්ගේ විනෝදාංශයක්ව පැවති වකවානුවක් තිබුනි. ඩිජිටල් තාක්ෂනය බිහිවීමට කලින් ස්ලයිඩ් හෝ ෆිල්ම් භාවිතයෙන් කරනු ලැබූ ඡායාරූපකරණය අතිශය මිල වැය වන විනෝදාංශයක් විය. කාලයත් සමඟ ඩිජිටල් තාක්ෂනය මෙලොවට බිහිවීමත් සමගමේ තත්වය කෙමෙන් වෙනස් වී බොහෝ දෙනා ඡායාරූපකරණයට අවතීර්න වීමට පටන් ගෙන ඇත්තේ එදා තරම් මුදලක් අද වැය කල යුතු නැති නිසාමය. එහෙත් කනගාටුවට කාරණය නම් දැන් හතු පිපෙන්නාක් මෙන් ඡායාරූපශිල්පීන් යැයි කියන කැමරා කාරයින් බිහිවීමයි. දන්න ඉලවුවක් නැති වුනත් ෆොටෝ ගැසිය හැකි නිසා ඔවුන් පොරවල් යයි සිතාගෙන සිටී. එහෙත් ඒ සියල්ලම කරන්නේ කැමරාවය. බොත්තම ඔබනවාට වඩා යමක් බොහෝ දෙනා දන්නේ නැත. මාසයක් දෙකක් ෆොටෝ ගැසුවාට පසු ඔවුන් මහා ආචාර්යවරුන් සේය. ඡායාරූප ශිල්පියේ හිනි පෙත්තටම ආ සහ, ඡායාරූපකරණය නගා සිටුවීමට දර දිය ඇදපු අයට වඩා දෙයක් කල සේ කතාවය. මේ සියල්ල අතර අවංකවම ඡායාරූපශිල්පය හැදෑරීමේ ආසාවෙන් පෙලෙන පිරිසක්ද වේ. මේ භූමිකාව ඒ අවංක උන් උදෙසාය.
වන ජීවී ඡායාරූපකරණයට පෙර සූදානම් වන්නේ කෙසේද....
වනජීවී ඡායාරූපකරණය අන් ඡායාරූපකරනයන්ට වඩා වෙහෙස මහන්සි වී කල යුතු වූවකි.
එයට පෙර සූදානමක් සහ මනා හික්මීමක් තිබිය යුතුය. පරිසරය හා පාරිසරික
වෙනස්කම් ගැන මනා වැටහීමක් ලබා ගත යුතුය. වන ජීවීන් හා උන්ගේ හැසිරීම් රටා
අධ්‍යනය කල යුතුය. විවිද පාරිසරික තත්ව යටතේ ඊට ආවේනික ලෙස වන ජීවීන්
හැසිරෙති. උන්ගේ වාස භූමි ඒ අනුව තෝරා ගනිති. යාල වනෝද්‍යානයේ සිටින
තරමක් දිවියන් අපිට සිංහරාජයෙන් වාර්තා නොවේ. දිවියන් ඡායාරූපයට නැගීමට
නම් යා යුතු වඩාත්ම සුදුසු තැන වන්නේ යාලය. ලංකාවේ විශාලම වනෝද්‍යානය
විල්පත්තුය. එහෙත් පසුගිය කාලයේ පැවති දරුණු යුද්ධයත් සමග මෙහි සිටි බොහෝ
වන ජීවීන් විල්පත්තුව මගහැර සිටියේය. මේ හේතුව නිසා විල්පත්තුවට වඩා යාල
දිවි ගහනය වැඩිය. සංඛ්‍යා ලේඛන අනුව යාල එක් වර්ග කිලෝමීටරයකට එක දිවියෙක්
දැක ගත හැකිය. මේ ආකාරයට විවධ වන සතුන්ට විශේෂ වූ වාස භූමි උන් තමන්ගේ
නිජබිම් කරගෙන වාසය කරයි. අලින්ගේ ඡායාරූප ගැනීමට යාල යාමට වඩා උඩවලවට යාම
වටී. ඊට හේතුව යාලට වඩා අලි ගහනය උඩවලව වනෝද්‍යානයේ වැඩිවීමයි.
මින්නේරියද අලින්ගේ එකතු වීම් වලට ප්‍රසිද්ධය. මීට පාරිසරික හේතු බලපායි.
අගෝස්තු හා සැප්තැම්බර් යන මාස වල කුඩා වැවු වල ජලය හිඳී යන අතර බොහෝවිට
වතුර ඉතුරු වන්නේ මින්නේරිය ජලාශය පමනි. මේ හේතුවෙන් අනෙක් වනෝද්‍යාන වල
වාසය කරන අලින් මින්නේරිය ජලාශ වටා එකතුවේ. මෙකී පාරිසරික තත්ව ගැන
අවබෝධයෙන් සිටීම වනජීවී ඡායාරූප ශිල්පියෙකුට ඉතා වැදගත් වේ.
මේ ලෙසටම වන ජීවීන්ගේ හැසිරීම් රටා ගැනද යම් අවබෝධයක් ලබා ගැනීම ඉතාමත්ම වටී. ඉන් ගුණාත්මක භාවයකින් හා වටිනාකමින් වැඩි ඡායාරූපයක් ගැනීමට මග පාදා ගත හැකිය. බොහෝවිට පිහාටු පුම්බා ඇඟ ගස්සා කුරුල්ලෙක් හැසිරෙන්නේ වසුරු හෙලීමටය. එමෙන්ම බොහෝ කුරුල්ලන් පියාඹා ගොස් නැවත වහන්නේ උන් නිතර වහන අතු ඉති වලය. Common King Fisher නැතහොත් සිංහලෙන් අපි මල් පිළිහුඩුවා ලෙස හඳුන්වන පිළිහුඩුවා බොහෝවිට පියාඹා විත් වහන්නේ උන් නිතරම වහන අතු වලය. හිරු පායන විට රාත්‍රී ලැගුම් ගත් තැනින් එලියට එන මේ සුන්දර කුරුල්ලා ඉගිලී විත් උදේ පාන්දරම වහන්නේ ඌට හුරු පුරුදු එකම තැනය. මෙවැනි හැසිරීම් රටා පෙර අධ්‍යනය කර තිබීම ගුණාත්මක වනජීවී ඡායාරූපයක් ගැනීමට ඉතාමත් ඉවහල් වේ.
Name : Crested Serpent Eagle
Scientific Name :Spilornis cheela spilogaster
In Sinhala : සර්ප රාජාලියා
Scientific Name :Spilornis cheela spilogaster
In Sinhala : සර්ප රාජාලියා
ඉහත
රූපයේ දක්වා ඇත්තේ මවිසින් 2009 මයි මස 22වන දින කාර්යාලයට යන අතර තුරේදී
අහම්බෙන් දැක අතුරුගිරියේ වානේ සංස්ථාව ඉදිරියේදී ඡායාරූපයට නගා ගත් සර්ප
රාජාලියාය. කැමරාව මානාගෙන විමසිල්ලෙන් බලා සිටිද්දී මේකා පිහාටු පුම්බා
හරිබැරි ගැසෙන විට මම කැමරාව සූදානම් කරගෙන එක දිගට ඡායාරූප කීපයක්
අරගත්තෙමි. මෙම ඡායාරූපයේ මේකා වසුරු හෙලන ආකාරය හොඳින් සටහන් වී තිබුනි. කලින් මේ හැසිරීම් රටාව ගැන දැනුවත් වී තිබීම මට මෙම ඡායාරූපය රූප ගතකරගැනීමට මහඟු පිටිවහලක් විය.
පරිසරය
හා වනජීවින් පිලිබඳ අද්‍යනයන්ට අමතරව තමාගේ කැමරා මෙවලම් භාවිතා කිරීම හා
ඡායාරූපයක් ගැනීම ගැනද හොඳ වැටහීමක් ලබා ගතයුතුය. ඊට අපි ඡායාරූප
ශිල්පග්ඥානය යැයි කියමු. මෙම ශිල්පඥානය ප්‍රගුන නොකල කෙනෙකුට ගුනාත්මක
ඡායාරූපයක් ගැනීම අපහසු විය හැක. නවීන කැමරා වල තියෙන නූතන තාක්ෂනික
හැකියාවන් සමග ඡායාරූපයක් ගන්නට හැකි වුවද සමහර අවස්ථාවලදී මෙම දනුම තිබිය
යුතුම වන්නේය. ගොම්මන් වේලාව කිට්ටුවීගෙන එන වෙලාවක ඉගිලෙන කුරුල්ලෙකුගේ
ඡායාරූපයක් ගැනීම මදක් අපහසුය. කැමරාව ස්වයැංක්‍රීය කර ඡායාරූපය ගත්තද
බොහෝවිට බොඳවූ ඡයාරූපයක් ප්‍රතිපලය විය හැක. එවැනි අවස්තාවක අපට Manual
Override එකක් ගැනීමට සිදුවේ. ISO අගය ඉහල දැමිය යුතුය, ෂටර් හා ඇපචර්
අංකනයන් අදාල විදියට වෙනස් කර ගත යුතුය. මෙසේ කිරීමට තම මෙවලම ගැන හොඳ
අවබෝධයකින් සිටිය යුතුය. එසේ නොවුනහොත් ඊට අදාල වෙනස් කම් කිරීමට මෙනුව
පරීක්ෂා කරන අතර තුර කුරුල්ලා ඉගිලී ගොස් හමාර වීම නොඅනුමානය.
වනජීවී
ඡායාරූප ශිල්පියෙකුට පරිසරයට අනුගත විය යුත්තේ කෙසේද කියන දේ ගැනද මනා
වැටහීමත් තිබිය යුතුය. එහිදී තමුන් ඡායාරූප අරගන්නේ කුමන පාරිසරික තත්වයන්
යටතේද යන්න සිතා බැලිය යුතුය. එම පරිසරයට අනුගත විය හැකි වර්නයන්ගෙන්
යුත් ඇඳුමක් ඇදීම අනිවාර්ය වේ. බොහෝවිට කොලපාට වර්නයන්ගෙන් යුත් ඇඳුම්
ඇඳීම ඉතා යහපති. එහෙත් ගස් කොලන් නැති දුඹුරු පැහැ පරිසර පද්දතියක් නම් එම
පරිසරයේ වර්ණයන්ට වඩාත්ම ගැලපෙන අඳුමක් ඇඳීම වඩා සුදුසුය. එසේ පරිසර
පැහයට සමාන අඳුමකින් සැරසීම මගින් සත්වයින්ට ආගන්තුකත්වයක් නොදැනීම නිසා
ඡායාරූප ගැනීමට පහසුවක් ඇතිවේ. ඊට අමතරම අවදානමක් ඇති භයානක සතෙකු නොවේනම්
සත්වයාට නොදැනී ඌට බොහෝ සේ කිට්ටුවී ඡායාරූපය ගැනීමට අපිට යම් පහසුවක්
ඇතිවේ.
මේ
සියළු කරුනු කාරනා වලට අමතරව වනජීවී ඡායාරූප ශිල්පියා ඉවසීම ප්‍රගුන කර
තිබිය යුතුය. ඉවසීම නැති ඡායාරූප ශිල්පියෙකුට වනජීවී ඡායාරූපකරනය කල
නොහැක. ඉවසීම ඇති කර ගැනීමට මනා හික්මීමක් හා ශික්ෂනයක් තිබිය යුතුය.
හුදෙක් මෙය භාවනාවක් වැන්න. මෙකී භාවනාවට අනුගත වීමට මේ සියළු දෑ ප්‍රගුන
කර තිබීම වනජීවී ඡායාරූප ශිල්පියෙකුට දිගු ගමනක් යාමට මග පාදනු ඇත.
වන ජීවී ඡායාරූපකරණයට අත පොත් තැබීම
වන ජීවී ඡායාරූපකරණයට අත ගැසීම භාවනාවකට අවතීර්න වීමක් වැන්න. ඉතාමත් සුන්දර වට පිටාවක නිදහස බුක්ති විදින සතා සිවුපාවගේ හැසිරීම් රටා අධ්‍යනය කිරීමට ලැබීම වාසනාවකි. එහෙත් මෙය දැක්ක එබුවා ගත්තා සම්ප්‍රදායෙන් කල නොහැක. මංගල ඡායාරූපකරණය, මෝස්තර නිරූපන ඡායාරූපකරණය හෝ ඡායාරූපගාරයක් තුල කරන ඡායාරූපකරණයට වඩා හාත් පසින්ම මෙය වෙනස්ය. අපිට හිතෙන හිතෙන ආකාරයට වස්තුව තබා ඡායාරූප ගත කල නොහැක. අවශ්‍යතාවයට අනුව කෘතිම ආලෝකය ලබා දිය නොහැක. මේ සියල්ලම ස්වභාවිකව අපට ස්වභාවධර්මයා දුන් අලෝක තත්ව යටතේ පරිසරයට අනුගත වී සත්වයාගේ ඉරියවු ගැන සැලකිලිමත් වෙමින් මනා ඉවසීමකින් හා ශික්ෂණයකින් කල යුත්තකි. ඉවසීම ප්‍රගුන කරන තරමටම වටිනා ඡායාරූපයකට හිමිකම් කීමට
අවස්ථාවක් ලැබෙනු ඇත.
වන ජීවින් ඉතාමත් කිර්යාශීලි වනුයේ හිරු උදා වන විට හා හිරු බැස යන අවස්ථාවන්හිදීයි. මෙම අවස්ථා දෙකේදීම ආලෝක තත්වයන් අඩු බැවින් වේගවත් ලෙන්ස් භාවිතා කිරීමට සිදුවේ. අවාසනාව නම් මෙම ලෙන්ස් මිලෙන් ඉතා අධික වීමය. 600mm f4 වර්ගයේ ලෙන්ස් එකක් ලංකාවේදී නම් මුදල් ඇතත් එවෙලේ ගෙවා ගැනීමට තැනක් නැත. අත්තිකාරම් මුදලක් ගෙවා ඒ ආයතන මගින් ගෙන්වා ගත්තාට පසු ඉතිරි මුදල ගෙවා ලබා ගැනීමට සිදුවේ. කිසිදු ආයතනයක් මෙවන් මිල අධික වේගවත් ලෙන්ස් ගෙනත් ගබඩා කරගෙන විකුනන්නේ නැත. ඇනවුමක් මත පමනක් ආනයනය කරයි (Imports on Requests). සාමාන්‍යයෙන් 600mm F4 වර්ගයේ ලෙන්ස් එකක් ලංකා මුදලින් රුපියල් ලක්ෂ 15 ක් පමන වේ. ඒ විතරක් නොවේ. මෙය අතින් ඔසවාගෙන ඡායාරූප ගැනීමට ආර්නෝල්ඩ් වැනි කාය වර්ධනයේ යෙදුනෙක් විය යුතුය. අපි වැනි හාල්මැස්සන්ට ට්‍රයි
ෆොඩයක් (ත්‍රිපාදයක්) අනිවාර්යෙන්ම භාවිතා කිරීමට සිදුවේ. එවැනි ලෙන්ස් එකක් ඇටවීමට ගන්නා ට්‍රයි පෝඩය ඉතා හොඳ බරක් ඉසිලිය හැකි එකක් විය යුතුය. හොඳ තත්වයේ GITZO හෝ Manfretto කාර්බන් ෆයිබර් ට්‍රයි පෝඩයක් ලංකා මුදලින් රුපියල් 135,000 පමන් වේ. ලෙන්සය සවිකිරීමට ගන්න හෙඩ් එක Whemberly II එකක් නම් එයද ලංකා මුදලින් රුපියල් 115,000 පමණ වේ.
GITZO ආයතනයේ වෙබ් අඩවිය : http://www.gitzo.com/
Whemberly II හෙඩ් එකක් GITZO ට්‍රයි පෝඩයක් මත
කැටලොග් එක මෙතනින් බාගත කල හැක : http://www.gitzo.com/service/request+a+catalog/#
එහෙත් මේ මිල අධික මෙවලම්ම වනජීවී ඡායාරූපකරණයට එකතු කර ගත යුතු නැත. මම වන ජීවී ඡායාරූපකරණයට අත පොත් තිබ්බේ Nikon D70s කැමරාවෙන් හා 70-300 f4-5.6 වන Zoom ලෙන්ස් එකෙනි. පසුව Sigma 170-500mm f4-6.3 ලෙන්ස් එක භාවිතයට ගත්තෙමි. අවුරුදු 12කට පමන පසුව Sigma 300-800mm f5.6 ලෙන්ස් එකක් මගේම කර ගත්තෙමි.
Sigma 300-800mm f5.6 ලෙන්ස් එක
ඡායාරූපකරණයේ මූලික ඉරියවු
ට්‍රයි ෆෝඩයක් (ත්‍රිපාදයක්) භාවිතා නොකරන අවස්ථාවන්හීදී ඡායාරූපකරණයේ මූලික ඉරියවු මෙසේය. එහෙත් වනජීවී ඡයාරූපකරණයේදී අපට බොහෝ විට ට්‍රයි පෝඩයක් (ත්‍රිපාදයක්) භාවිතා කිරීමට සිදුවේ.
වන ජීවී ඡායාරූපකරණය
වන ජීවී ඡායාරූපකරනයට කලින් අපි විසින් සැලකිය යුතු කරුනු කීපයක් වේ.
1). ඡායාරූප ගත කරන්නේ කොහේද
2). ඡායාරූප ගත කරන්නේ කාවද
3). ඡායාරූප ගත කරන වෙලාව මොකක්ද
3). ඡායාරූප ගත කරන වෙලාව මොකක්ද
4). උපයෝගී කරගන්නා මෙවලම් මොනවාද
5). අප ස්ථාන ගත විය යුත්තේ කොහේද, කෙලෙසද.
5). අප ස්ථාන ගත විය යුත්තේ කොහේද, කෙලෙසද.
6). ස්වභාවික ආලෝක තත්වය කෙසේද.. (ඉර නැගීම හා ඉර බැසීම
සිදුවන්නේ අප ස්ථාන ගතවන තැනෙන් මොන පැති වලින්ද)
සිදුවන්නේ අප ස්ථාන ගතවන තැනෙන් මොන පැති වලින්ද)
7). අඳිනා ඇදුම කුමක්ද
Hi there, I discovered your web site by way of Google whilst searching for a comparable topic, your
ReplyDeletewebsite got here up, it appears good. I have
bookmarked it in my google bookmarks.
Hi there, simply turned into alert to your weblog
through Google, and found that it is really informative.
I am gonna be careful for brussels. I'll appreciate in
case you proceed this in future. A lot of people will likely be benefited from your writing.
Cheers!
Take a look at my web-site - fashion
I've been surfing online greater than 3 hours lately, but
ReplyDeleteI by no means discovered any interesting article like yours.
It is beautiful value enough for me. In my view, if all site owners and bloggers made just right content as you probably did, the net will be much more useful than ever before.
Feel free to surf to my webpage :: Growth Hormone