Wednesday, March 28, 2012

මා ඡායාරූපකරණයට අත ගැසූ සැටි....

1995 රිකෝ II ෆිල්ම් කැමරාවකින් මම මගේ ඡායරූපකරණයට  අත ගැසූයේ අවුරුදු කීපයක් තිස්සේ එකතු කරගත් සියළුම ධනය එක මොහොතකින් වියදම් කරමිනි. රුපියල් 22,000 කට ලබා ගත් කැමරාවට පසුව තව තව උපාංග ටිකක් එකතු කර ගනිමින් මම ඡයාරූපකරණයේ නව මං පෙත් එලි පෙහෙළි  කර ගැනීමට උත්සුක වූයෙමි.  දෙස් විදෙස් ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප තුලින් කමටහන් ලබා ගනිමින් හා ලැබෙන සෑම පත පොතක්ම කියවමින් මම මේ දුර ගෙවන්නට යත්න දැරූවෙමි.  ඡායරූපකරණය හුදෙක් මාගේ විනෝදාංශය හා වියවුල් මා මනසට මෙය තවත් එක් භාවනාවකි.  කාලය ලැබෙන සෑම  අවස්ථාවකම  මම මේ භාවනාවට සම වදිමි.


වර්ෂ 2000 දී ෆිල්ම් කැමරාවට සමු දී මම ඩිජිටල් Point and Shoot කැමරාවකට අත ගැසූවෙමි. එහෙත් ගුනාත්මක ඡයාරූප ගැනීමට හා මාගේ පරාසයන් පුළුල් කර ගැනීමට එයින් එතරම් දායකත්වයක් නොලබූයෙන් මට DSLR කැමරාවක අවෂ්‍යතාවය තදින්ම දැනෙන්නට විය. 2004 දෙසැම්බරයේදී කාර්යාලීය අවශ්‍යතාවයක් උදෙසා රාජකාරී මට්ටමින් සිංගප්පූරුවට යාමට ලැබුනු අවස්තාව ප්‍රයෝජනයට ගනිමින් හා එම සංචාරයට කාර්යාලයෙන් ලැබුනු අරමුදල් බොහෝම දුකසේ ඉතුරු කරගනිමින් තිබුන එකම ක්‍රෙඩිට් කාඩ් පතේ සියළුම පහසුකම් භාවිතා කරමින් Nikon D70s කැමරාවක් මා මගේම කර ගත්තෙමි.

මාස්පතා ලැබුනු පඩිය මෙම විනෝදාංශයට කිසිම දායකත්වයක් දුන්නේ නැත. පංති කර ලැබෙන මුදලින් කොටසක් මම දැඩි ලෙස පීඩා විඳිමින් හා මිරිකෙමින් ඉතුරු කරන්නට පෙරුම් පිරූයෙමි.  නිතර දෙවේලේ අන්තර්ජාලය හරහා උපාංග හා මෙවලම් බලමින් ඒවා ලබා ගන්නට සිහින දකිමින් මම කාලය ගත කලෙමි. ඒ වගේම ඒ සිහින සැබෑ කරගන්න මම නිරතුරුව උත්සාහ කලෙමි.  ටිකින් ටික, එකින් එක, මා මගේ මෙවලම් එකතු කලෙමි. කැමරා, ලෙන්සස්, ෆ්ලෑශර්ස්, ට්‍රයි  ෆොඩ්ස්, මෙකී නොකී හැම දේම නිතර දෙවේලේ මගේ මනස තුල භ්‍රමනය වන්නට විය. උන සන්නියකට හැරී අතිශය උත්සන්න වූ තත්වයක් තුල මට මේ හැම දේම අත පත ගා බැලීමේ  අවශ්‍යතාවය  තදින්ම දැනෙනට විය. ඇති උන්ගෙන් ඉල්ලූ කල අතිජාත මිත්‍රයන් වුවද විවිධ හේතු කියා මග හරින අවස්ථා අනන්තය අප්‍රමාණය.  දුක හිතේ පුරෝගෙන මම මේ හැම  අවස්ථාවකම දහිරිය උපදවා ගත්තෙමි.  යම් දවසක කෙසේ හෝ මේ සියළුම දේ මම ගන්නෙමියි යන ඒකායන ප්‍රාර්ථනයේ ඇනය මම මගේ හිස තුලටම ගසා ගත්තෙමි. ඒ ඇනයේ ආනුභාවයෙන් අද මම ඡායාරූපකරනයට අවශ්‍යව ඇති නවීණතම  උපාංග  වලට හිමිකම් කියන වාසනාවන්තයෙක්මි.

කැමරාවන් ලෙස Nikon D200, D7000 කැමරා දෙකද, Nikon 105mm f2.8 Macro, 85mm f1.8D, 50mm f1.4G, 18-105 Zoom, Sigma 300-800mm f5.6 යන ලෙන්ස් වර්ගද, ෆ්ලෑශ්‍ර්ස් ලෙස මැක්‍රෝ සඳහා Nikon R1C1 Close Up Lightning Kit එකද, SB800 ෆ්ලෑෂරයද,  ට්‍රයි  ෆෝඩ්  එක ලෙස Gitzo 5 series කාර්බන් ෆයිබර් ට්‍රයි ෆෝඩයද Whemberly II හෙඩ් එකද, LowPro Pro Tracker AV II කැමරා බෑගයද අද මා සතුව ඇත.

මේ සියළු  කරුණු කාරණා මෙසේ සඳහන් කලේ උජාරුව කියා පෑමටවත්, පුරාජේරුවටත් නොවන බව මා අවංකවම සඳහන් කරමි.  මා මෙන්ම උපාංග ලබා ගැනීමට අනේක දුක්ඛ දෝමනස්සයන්ට මුහුන දෙන තවත් පරම්පරාවක් මා පිටුපස සිටින බව මා දනිමි.  මා සතු උපාංග දකින අළුතින් ඡායරූපකරණයට නැඹුරු වූ බොහෝ දෙනා මා හා පැවසූයේ මේවා හීන වගේය යන්නය.

නිබඳවම මා ඒ හැම කෙනෙකුටම පවසන්නේ ඒ හීන වලට සීමා නොවී උත්සහයෙන් යුතුව ඉදිරියටම යන ලෙසය. මට වඩා දුර ගමනක් ඔවුනට යා හැකි බව මගේ විශ්වාසයයි.

" උත්සාහය උක් දන්ඩක් වැන්නේ
  වැලඳූ පසුවයි මිහිර දැනෙන්නේ....."

ඡායාරූපද සමගින් මෙම  මෙවලම්  ඔබට මෙතනින් බලා ගත හැක.  

මෙම ලින්ක් එක කොපි කර ඔබගේ  බ්‍රවුසරයේ ලින්ක් සඳහන් කරන බාර් එකේ පේස්ට් කිරීම මගින් බලා ගත හැක.


http://www.facebook.com/media/set/?set=a.10150626540097947.390470.664642946&type=3

4 comments:

  1. "උත්සාහය උක් දන්ඩක් වැන්නේ
    වැලඳූ පසුවයි මිහිර දැනෙන්නේ....."

    දුප්පත් අතීතයක් තිබ්බ මමත් අද එදා මැවූ හීන බොහෝ ප්‍රමානයක් හැබෑ කර ගත් වසනාවන්තයෙක් . .

    මේ සින්දු කොටස ඇත්තෙන්ම පුදුම සත්‍යයක් . . .

    උත්සාහ කරන්න ඕන ඒ අතරේ ඉරිසියාව සහ කුහක කම නැති කර ගන්නත් ඕන . .

    එතකොට තමයි උත්සායහේ ඵලය විදිහට සාර්ථකත්වය ලං උනාම ඒකේ උපරිම තෘප්තිය ලබන්න පුලුවන් වෙන්නේ . . .

    ඔබේ මේ සද්කාරිය බොහෝ දෙනාට අත්වැලක් වේවි . .

    ජය වේවා සහෝදරයා . . . . !

    ReplyDelete
    Replies
    1. Mn photography krnne hobby ekk vidihta..math canon kiss x50 second hand cam ekk gththa amruwen..mn asath wanajeevi chayaroopkrnyta...ithin mta 300mm lense ekk wath gnna ona..aduwtma lense kohenda gnna puluwn.mokda mn 4to wlin slli enne nane.aliexpress,ebay wge e wlin lense genna gnna puluwnda

      Delete
    2. Mn photography krnne hobby ekk vidihta..math canon kiss x50 second hand cam ekk gththa amruwen..mn asath wanajeevi chayaroopkrnyta...ithin mta 300mm lense ekk wath gnna ona..aduwtma lense kohenda gnna puluwn.mokda mn 4to wlin slli enne nane.aliexpress,ebay wge e wlin lense genna gnna puluwnda

      Delete
  2. මං හිතං හිටියට වැඩිය ගොඩක් වෙනස් ප්රසාද් මහත්තයා.. ‌බොහොම ස්තුතියි අලුත් බලාපොරොත්තුවක් දුන්නට.. :)

    ReplyDelete