Friday, May 11, 2012

පිළිහුඩුවන් හඹා යෑම.....


Common Kingfisher (Alcedo atthis) Male මල් පිළිහුඩුවා පිරිමි


ගෙයි ඇතුලෙ දවසෙම හිර වෙලා වගේ හිටපු නිසා ටිකක් වෙල පැත්තෙ ඇවිදින්න හිතුනා අද හවස. නුහුරු කුරුල්ලෙක් ඉගිලිලා ඇවිත් ඈත ගහක අත්තක වහනවා මම දැක්කා. හරියට කුරුල්ලා අඳුර ගන්න බැරි තැන ගෙට දුවගෙන ආවෙ කැමරාව අරගෙන යන්න. ඩ්රයි කැබිනට් එක ඇරලා අර මහා පත ලෙන්ස් එකත් එලියටඅරගෙන (ඔය ලෙන්ස් එක අරගන්න තියෙන අනිත් ලෙන්ස් සේරම එලියට ගන්න ඕන) ට්රයි ෆෝඩ් එකට අමුණ ගෙන ආයෙත් වෙලට දිවුවා. ඒත් යනකොට කුරුල්ලා ගිහින් එතන අළු කොබෙයි ජෝඩුවක් වහලා. ඉතින් ඉවසගෙන හිටියා කොයි මොහොතක හරි මේකා ඒවි කියලා. පැය භාගයකට පස්සෙ ආයෙත් ඉවෙන් වගේ දැනුනා අර පෙර විදියටම ඉගිලිලා ඇවිත් ඈත අත්තක ඒකා වැහුවා කියලා. කැමරාව මානලා පිංතූරෙ අරගෙන සූම් කරලා බලද්දි මල් කොට්ටෝරුවෙක් (Crimson - brested Barbet). ඡායාරූපය පල කිරීමට තරම් ගුණාත්මක  තත්වයක නැති නිසා මම ඒක මෙහි පල කලේ නැහැ. ඊට පස්සෙ ඒකා තිතේ ඉගිලලා ගියා. හුස්මක් අරගෙන එන්න හිතනකොට හීන් හඬක් නංවගෙන මගේ පිටිපස්සෙ මීටර් 40ක් විතර ඈතින් මල් පිලිහුඩුවා. මට ඕන වුනා මුලු ෆ්රේම් එක පිරෙන්න මේ කුරුල්ලගෙ පිංතූරයක් අරගන්න. මම හොඳටම දන්නවා ඒක ලේසි පාසු වැඩක් නෙමෙයි කියලා. පුංචි චලනයකටත් මුන් හරි සංවේදීයි.


දැන් කරන්න ඉතුරු වෙලා තිබුනෙ කුරුල්ලට හොරා මම ඌට ලං වෙන එක. ඒකටත් මේ ලෙන්ස් තඩිය උස්සගෙන යනවා කියන එක අමුම වහක්. ඒත් මම ඒ චැලේන්ජ් එක බාර ගත්තා. පිළිහුඩුවා බොහෝ විට ඉගිලිලා ගිහින් ආයෙත් ඇවිත් වහන්නෙ හුඟක් වෙලාවට ඒ අත්තෙම හෝ ඊට ආසන්නම තැනක. මේ චර්යාව මම බොහෝ දවස් අධ්යනය කරලා තියෙනවා. ඉතිං කුරුල්ලා ඉගිලිලා යන කන් ඉඳලා මම කැමරාව අටවපු ට්රයි ෆෝඩයත්  කර ගහගෙන හෙමින් හෙමින් අර පන් පඳුර ලඟට ලං වුනා. දැන් කුරුල්ලා වහන පන් පඳුරයි මායි අතර දුර මීටර් 20 විතර. දනක් උසට වතුර. මම ට්රයි ෆෝඩ් එක පහත් කරලා මාත් ඒ ගානටම පහත් වුනා. පස්ස සම්පූර්නයෙන්ම වතුරට යට වුනාට පස්සෙයි තේරුනේ පස්ස වතුරට යට වෙලා කියලා. මී උන රෝගයෙන් ගොඩ දෙනක් මලා කියලා මම අහලා තිබුනා. ඒ හුඟ දෙනෙක් මැරුනෙ වෙල් වල වතුර හේතුවෙන්. හිතට ඒක ආවත් පිංතූරය ගැනීම තමයි මගෙ එකම අරමුණ වුනේ. මී උන සිතුවිල්ල පැත්තකට දාලා මම ඇහැ තියා ගත්තා කැමරාවෙ වීව් ෆයින්ඩර් එකට. පැය භාගයක් පමණ ගත වුනාට පස්සෙ මල් පිලිහුඩුවගෙ කෙල්ල ඇවිත් වැහුවා ඔන්න මම මානගෙන හිටපු පඳුරෙ. දැන් මටත් මල් පිපිලා! පුල පුලා බලාගෙන හිටපු වස්තුව මට ඕන තැනටම ඇවිත්. පිංතූර කීපයක් අර ගත්තත් ඒවා ටිකක් විතර අඳුරුයි. ඔය එක්කම පිරිමි කුරුල්ලත් මාළුවෙක් හොටෙන් අරගෙන ඇවිත් ඒක කෙල්ලට පිලිගැන්වුවා. දෙන්නම එකට තියලා මම පිංතූරයක් අරගත්තා. ආයෙත් දෙන්නම ඉගිල්ලිලා ගියා. මම එක පිම්මෙ වැට අයිනට දිවුවා. පුතාට කතා කරලා කිවුවා මගේ ෆ්ලෑෂර් එක අරගෙන එන්න කියලා ඉක්මනට. පුතත් ඒ සැනින් මට ඒක ගෙනල්ලා දුන්නෙ දැන් දැන් ඒකටත් තේරෙන නිසා වෙන්න ඇති මොහොත ගෙවුනොත් හැම උත්සාහයක්ම වතුරෙ කියලා වන ජීවී ඡායාරූප කරනයේදි.


ආයෙත් බඩගාගෙන කැමරාව ලඟට ආවා. දැන් මමත් මඬ කරියෙක් වගේ. මුළු ඇඟේම වතුර. හිමීට සීරු මාරුවට හිටගෙන ෆ්ලෑෂර එක අටව ගත්තා කැමරාවට. ආයෙත් මම දැන් ස්නයිෆර් කෙනෙක් වගේ. කැමරාව මානගෙන හිටිය බොහෝ වේලාවක්. ඔය අතරෙ මගෙ හිත මතුරනවා අනේ වරෙන් අනේ වරෙන් කියලා. මගේ මැතිරිල්ලෙ බලෙන් වගේ ආයෙත් හීන් හඬක් නංවගෙන කිරිල්ලි ආවා. දෙසැරයක් හිතුවෙ නැහැ මම මගේ කාරිය ඉෂ්ඨ සිද්ධ කර ගත්තා. විටින් විට පැය එකහමාරක් විතර මම දෙන්නගෙම පිංතූර අර ගත්තා. ඔය  තියෙන්නෙ ඒ උත්සාහයේ ප්රථිපල. බලන්න මම දරපු ඒ උත්සාහයට මට ලැබිලා තියෙන ප්රථිපලේ වටිනවද කියලා....




Camera : Nikon D7000
Lens : Sigma 300-800mm f5.6
Flasher : Nikon SB800 (Angled 45 degrees and bounced)
Tri Pod : Gitzo Carbon Fiber 5 Series
Ball Head : Wimberley II


Settings of the Camera
Shutter : 1/60s
F Number : f5.6
Focal Length : 800mm
Flasher : Flash fired, compulsory flash mode
White Balance : Manual White Balance Set to Day Light (If you set the white balance to Flash mode it creates a yellowish color on the background. Since i shoot in day light with Flasher the white balance  set to Day light to get the Natural Colors as it is)


Common Kingfisher (Alcedo atthis)Female මල් පිළිහුඩුවා ගැහැනු
— in Kaduwela, Sri Lanka.




Common Kingfisher (Alcedo atthis)Male මල් පිළිහුඩුවා  පිරිමි — in Kaduwela, Sri Lanka.





4 comments:

  1. උණ රෝගය Wild Life කරා පැතිරෙමින් තිබේ .........!

    ReplyDelete
    Replies
    1. ඔය උණෙ වැලඳෙන තරමට හොඳයි....

      Delete
  2. හරිම සුන්දර පින්තූර ටිකක්. කුරුල්ලෙකුගේ පින්තූරයක් ගන්න එක කොයිතරම් අමාරු වැඩක්ද කියලා මම අත්දැකීමෙන් දන්නවා.

    ReplyDelete
  3. මම ඊයේ පළමු වතාවට මල් පිලිහුඩුවා ඡායාරූපයට නගා ගත්තා. ලයසුදු පිළිහුඩුවන් 10 වතාවක් (කී දෙනෙක් ද දන්නේ නැහැ 10 වතාවක් දැක්කා) දැක්කාට පස්සේ 11 වෙනියට මල් පිළිහුඩුවා හමු වුණා. කොමන් කින්ග්ෆිෂර් කියන්න ඔනෑ මෙයාට නෙමෙයි, වයිඩ් බ්‍රෙස්ටඩ් කින්ග්ෆිෂර්ට.

    (Randika Ranaweera Fernando)

    ReplyDelete