Thursday, July 26, 2012

Extension Tube Experiment - Extension ට්යුබ් සමග පරීක්ෂනයක්


මැක්‍රෝ පිලිබඳ උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි මම මේ පරීක්ෂනය හා අත් හදා බැලීම කලේ පහත සඳහන් උපකරන උපයෝගී කරගනිමිනි.  මේ සඳහා Extension Tube ලබාදීම පිලිබඳව CameraLK ආයතනයේ අනුෂ්ක මල්ලීට මාගේ ස්තූතිය හිමිවේ.


1).  Nikon D7000 කැමරාව
2).  Nikon 105mm f2.8 මැක්‍රෝ කාචය
3).  Nikon R1C1 ආලෝක කරන කට්ටලය
4).  Extention Tubes


කැමරාව සහ ආම්පන්න ඉදිරියෙන් පෙනෙන ආකාරය





කැමරාව සහ ආම්පන්න පැත්තෙන් පෙනෙන ආකාරය

මේ සඳහා මා භාවිතා කලේ මා පලඳින කප්ස්ලින්ක් ජෝඩුවකින් එකකි.  මේ එහි සම්පූර්ණ ඡායාරූපයයි.  මෙහි එන ඡායාරූප කිසිවක් සංස්කරණ කර නැත.  මුළු ෆ්‍රේම් එකේ තරමට වස්තුවේ විෂාලනය කොතෙක්දැයි ඔබට අවබෝදයක් ගැනීමට රිසි වනු වස් ක්‍රොප් කිරීමකින් තොරව ඡායාරූප මෙහි පලකර ඇත. 

පරීක්ෂනයට භාජනය කල සම්පූර්ණ වස්තුව


 


Nikon 105mm f2.8 කාචය පමනක් භාවිතා කිරීමෙන්




Nikon 105mm f2.8 කාචයට යාහැකි උපරිම විශාලනය මෙයයි.  මෙහි කැමරා දත්ත පහත සඳහන් අකාර වේ.  මෙහිදී (Auto Focus) ස්වයැං නාභි ගත කරගැනීමේ වේගය සාමාන්‍ය ආකාරයට සිද්ධ වේ.  

1).  Shutter Speed /ෂටර් වේගය - 1/30s
2).  Aperture/ ඇපචරය  - f 10
3).  ISO - 200
4).  White Balance / ධවල තුලිත තාවය - Auto
5).  Focal Length / නාභි දුර - 105mm
6).  Flash Fired - Yes

12mm Extension ටියුබයට Nikon 105mm f2.8 කාචය සම්බන්ධ කිරීමෙන්



12mm Extension ටියුබයට Nikon 105mm f2.8 කාචය සම්බන්ද කිරීමෙන් යාහැකි උපරිම විශාලනය මෙයයි.  මෙහි කැමරා දත්ත පහත සඳහන් අකාර වේ.  ස්වයැං (Auto Focus) නාභි ගත කරගැනීම බොහෝ සෙමින් සිදුවේ.  නියමිත වස්තුව නාභි ගත කරගැනීමට අපහසුතාවයක් දක්වයි.  (Manual Focus) හස්තීය නාභි ගත කරගැනීම වඩා සුදුසුය. 

1).  Shutter Speed /ෂටර් වේගය - 1/30s
2).  Appeture/ ඇපචරය  - f 10
3).  ISO - 200
4).  White Balance / ධවල තුලිත තාවය - Auto
5).  Focal Length / නාභි දුර - 105mm
6).  Flash Fired - Yes

ඡායාරූපයේ කැමරා දත්ත වල වෙනසක් සිදු වී නැත. 

20mm Extension ටියුබයට Nikon 105mm f2.8 කාචය සම්බන්ධ කිරීමෙන්


පහතින් දක්වා ඇත්තේ 20mm Extension ටියුබයට Nikon 105mm f2.8 කාචය සවි කිරීමෙන් ගන්නා ලද ඡායාරූපයකි



20mm Extension ටියුබයට Nikon 105mm f2.8 කාචය සම්බන්ද කිරීමෙන් යාහැකි උපරිම විශාලනය මෙයයි.  මෙහි කැමරා දත්ත පහත සඳහන් අකාර වේ.  ස්වයැං (Auto Focus) නාභි ගත කරගැනීම බොහෝ සෙමින් සිදුවේ.  නියමිත වස්තුව නාභි ගත කරගැනීමට අපහසුතාවයක් දක්වයි.  (Manual Focus) හස්තීය නාභි ගත කරගැනීම වඩා සුදුසුය. 

1).  Shutter Speed /ෂටර් වේගය - 1/30s
2).  Appeture/ ඇපචරය  - f 10
3).  ISO - 200
4).  White Balance / ධවල තුලිත තාවය - Auto
5).  Focal Length / නාභි දුර - 105mm
6).  Flash Fired - Yes

ඡායාරූපයේ කැමරා දත්ත වල වෙනසක් සිදු වී නැත.
 

36mm Extension ටියුබයට Nikon 105mm f2.8 කාචය සම්බන්ධ කිරීමෙන්

පහතින් දක්වා ඇත්තේ 36mm Extention ටියුබයට Nikon 105mm f2.8 කාචය සවි කිරීමෙන් ගන්නා ලද ඡායාරූපයකි




36mm Extension ටියුබයට Nikon 105mm f2.8 කාචය සම්බන්ද කිරීමෙන් යාහැකි උපරිම විශාලනය මෙයයි.   ස්වයැං (Auto Focus) නාභි ගත කරගැනීම බොහෝ සෙමින් සිදුවේ.  නියමිත වස්තුව නාභි ගත කරගැනීමට අපහසුතාවයක් දක්වයි.  (Manual Focus) හස්තීය නාභි ගත කරගැනීම වඩා සුදුසුය.  මෙහි කැමරා දත්ත පහත සඳහන් අකාර වේ.

1).  Shutter Speed /ෂටර් වේගය - 1/30s
2).  Appeture/ ඇපචරය  - f 10
3).  ISO - 200
4).  White Balance / ධවල තුලිත තාවය - Auto
5).  Focal Length / නාභි දුර - 105mm
6).  Flash Fired - Yes

ඡායාරූපයේ කැමරා දත්ත වල වෙනසක් සිදු වී නැත.
  

මේ අනුව බලන කල කැමරාවේ දත්ත වල කිසිදු වෙනසක් සිදු නොවේ.  ලැබෙන එකම ප්‍රතිඵලය වස්තුව විශාලනය වීමයි. නාභි ගත වන ප්‍රමානයද ක්‍රමක් ක්‍රමයෙන් අඩුවන බව ඔබට මෙම කප්ස්ලින්ක් එකට අල්ලා ඇති පුංචි ගල් නාභි ගත වී ඇති ආකාරයට වැටහී යනු ඇත.  ඉතාමත් කුඩා වස්තුවක් ඡායාරූප ගත කිරීමට මෙය ඉතා යෝග්‍ය බව මා පැවසිය යුතුමය.  අජීවී වස්තුවක් යොදාගෙන කල මේ අත් හදා බැලීමම සජීවී ජීවියෙකු සමගද කිරීමට උත්සාහ දැරිය යුතුයැයි මට හැඟේ.  එහෙත් එය ඉතාමත්ම අසීරු කාරියක් වනු නොඅනුමානය.  

16 comments:

  1. මමත් කල්පනා කර කර හිටියෙ මැක්‍රො ලෙන්ස් එකක් ගන්නවද ඊට කලින් ටියුබ්ස් අරන් පොඩ්ඩක් පුරුදු වෙනවද කියලා. මේ ලිපිය කියෙව්වම හට හිතුනා ලෙනස් එක ගන්න එක හොඳයි කියලා.

    පොඩි ප්‍රශ්ණයක් අහන්නම් ප්‍රසාද් අයියා... 50මිමී ලෙන්ස් එක සහ 100මිමී මැක්‍රො ලෙන්ස් (කැනොන්) මේ දෙකෙන් හොඳ මොකක්ද? මං 50 මිමී ගත්තොත් පස්සෙ පසුතැවිලි වෙන්න වෙයිද?

    ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. නදීශ මල්ලී. පුළුවන්නම් 100ම්ම් මැක්‍රෝ එකට යන්න. 50ම්ම් එක ගත්තොත් ඔයාට හොඳම විෂාලනයක් ලබා ගන්න ගොඩාක් ලඟට යන්න වෙනවා. එහෙම උනාම පුංචි කෘමි සතුන්ව ගන්න හරි අමාරුයි. ඔයා පස්සෙ හිතාවි අපරාදෙ 100ම්ම් එක ගත්තෙ නැත්තෙ කියලා.

      Delete
  2. මැරුණ සතෙක් ගන්න බැරිද ප්‍රසාද්? -Athula Siriwardhane

    ReplyDelete
    Replies
    1. ඉතාමත්ම ලෙහෙසියෙන් පුළුවන් අතුල සිරිවර්ධන මහත්මයා. මරුනු එකෙක් නිසා අපිට ඕන තැනක තියලා බොහෝම සාර්තක විදියට ගන්න පුළුවන් වස්තුව චලනය නොවන එකක් නිසා. ඒත් ජීවීන් ගැනීම හරිම අපහසුයි මැක්‍රෝ කරනයෙදි උන් බොහෝවිට චලනය වන නිසා. ඊටත් අමතරව අපි කෘමීන්ව අරගන්නෙ ස්වභාවික පරිසරයෙදි. බොහෝවිට මුන් වහන්නෙ කොල වල නැත්නම් මල් වල. සියුම් සුලඟටත් යන්තම් එහා මෙහා වැනෙනකොට මැක්‍රෝ එපා වෙනවා. ඒත් සාර්තක ඡායාරූපයක් ගත්තහම දැනෙන සතුට ඔය හැම එකකටම යටයි.

      Delete
  3. ස්තූතියි ප්‍රසාද් අයියා. හැමදාමත් ඔයා දාන ලිපි හරිම වැදගත්.

    ReplyDelete
  4. Many people says using extension tube & macro lens gives same quality... but i don`t think so... you have to use same subject same frame same exposure but with prime lens or none macro lens with the tube... then those people get know what`s the different there... bcoz macro lens users don`t want to use extension tubes.....
    Pramitha....

    ReplyDelete
    Replies
    1. ‎Pramitha Dilruk Sooriyapperuma බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් පැන නගුනා මක්‍රෝ ලෙන්ස් එකකට එ‍ක්ස්ටෙන්ෂන් ටියුබ් එකක් දාලා ගත්තොත් කොයි වගේ වේවිද කියලා. ඒ ගැන සඳහනක් උදාහර්නත් එක්ක පුළුවන්නම් දෙන්න කියලා ඉල්ලීම් කීප්යක්ම තිබුනා. මම දුන්නෙ ඒකට උත්තරයක්. මමත් කිසිම දවසක මැක්‍රෝ ලෙන්ස් එකත් එක්ක එක්ස්ටෙන්ෂන් ටියුබ් පාවිච්චි කරන්නෙ නැහැ.

      Delete
  5. prasad mulinma obge athahada balima pasasumata lakkala yutui e wagema meya an ayge pryojanaya sadaha meaurin idiripath kirima gana mage istutiya obata mahenam paudgalika mathaya lens 1kkinma macro karayan wala yedena eka namuth mudal pramanaya anuwa tubes bavithaya kalath labena prthipalaye loku wenasak ma dakinawa meya mage paudgalika adahasak pamani..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම එක්ස්ටෙන්ෂන් ටියුබ් එකෙයි මැක්‍රෝ ලෙන්ස් එකෙයි ගන්න ඡායාරූප වල ගුනාත්ම භාවයෙ ලොකු වෙනසක් තියෙන්වා. මැක්‍රෝ කරනවා නම් මැක්‍රෝ ලෙන්ස් එකක්ම තමයි භාවිතා කල යුත්තෙ.

      Delete
  6. මැක්‍රෝ ලෙන්ස් එකේ ෆෝකල් ලෙන්ත් එක අඩු වෙනවනම් මීටත් වඩා ළඟට යන්න පුලුවනි. එතකොට ලැබෙන මැග්නිෆ්කේෂන් එක මීට වඩා විශාලයි.
    බොහෝම ස්තූතියි ප්‍රසාද් මල්ලී උදාහරණ ච සහිත ව කරන මේ ඔබේ සත්කාරයට..!

    ReplyDelete
    Replies
    1. මෙය කියවීමට ඔබගේ වටිනා කාලය කැප කලාටත් ඔබට ස්තුතියි ඉන්ද්‍රනාත අයියේ....

      Delete
  7. It's a very good review for anyone to decide to buy or mostly actually not to buy extensions tubes in case you need quality results.

    ReplyDelete
  8. අදයි මට මේ බ්ලොග් එක අහබු ලෙස අහුවුනේ.ඉතාම වැදගත් ලිපි පෙලක්ම තියෙනවා.බොහොම ස්තුතියි

    ReplyDelete
  9. අපොය් මමත් හිත හිත හිටියේ මැක්‍රො ලෙන්ස් එකක් ගන්න. කාලෙකට කලින් 2mp mobile camera එකකින් පටන් අරන් පස්සේ sony w570 compact එකක් ගත්තා. දැන් ණය වෙලා D90ක් එක්ක 18-105mm kit එකයි 55-300mm එකයි ගත්තා. යන්තම් හීනෙන් භගයක් හරි. ණය ගෙවල ෆ්ලෑෂර් එකයි. මැක්‍රො එකයි ගන්න ඕන. පොඩි මුදලකට හොඳ ෆ්ලෑශර් එකක් කියන්න පුළුවන් නම් වටිනවා.

    ReplyDelete